ශ්‍රී ලංකා රාජ්‍ය සාහිත්‍ය සම්මාන

සම්මාන ලැබූ කෘති පිළිබඳව සංක්ෂේපයක් (තවමත් යාවත් කාලීන කෙරෙමින් පවතී)

හැඳින්වීම[1]

මෙරට සාහිත්‍ය සම්මාන ඉතිහාසයේ කීර්තිමත්ම හා ගෞරවණීය සම්මාන සේ අදත් සාහිත්‍ය ලෝකය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය බව අවිවාදිතය. 1956 පළමුවරට සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටුවීමත්, 1957 දී පළමු රාජ්‍ය සාහිත්‍ය උළෙල කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණෙහි පැවැත්වීමත්, 1959 දී ප්‍රථම වරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පවත්වා තිබීමත් දශක හයකටත් වඩා පැරණි රාජ්‍ය සාහිත්‍ය උළෙල ඉතිහසයේ වැදගත් කඩඉම් ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අනෙක් උළෙලකින් වෙන් වී සුවිශේෂ වන්නේ භාෂා ත්‍රයෙන්ම පළවන විශිෂ්ට කෘතී වර්ගීකරණ රැසකට සම්මාන පිරිනැමෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම සාහිත්‍ය සම්මාන උළෙල එය බැවිනි.

සම්මාන ප්‍රදානයකින් පසු නිසැක වශයෙන්ම දක්නට ලැබෙන චෝදනා, ගැරහුම්, අවමන් නො අඩුව අසන්නට ලැබුණ ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ගෞරවනීයත්වයට ළං වන්නට සමත් වූ අන් එකදු සම්මාන උළෙලක් හෝ පිළිබඳ මෙරට සාහිත්‍යකාමීහු දන්නවාදැයි නොදනිමු. ඩී.ආර්.විජේවර්ධන අනුස්මරණ නවකතා අත් පිටපත් තරගය, විභවි සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙය වූ සාහිත්‍ය සම්මාන උළෙල, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පද්ම සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක, කවිතා සාහිත්‍ය සම්මාන හා රජත පුස්තක සම්මාන උළෙල, ආදිය තෙක් විවිධ වර්ගයේ සම්මාන උළෙල ඉතිහාසයක් අප සතුව ඇත. මෙලෙස අභාවයට පත් වූ හා පත් කරන ලද සම්මාන උළෙල අතරින් වාර්ෂිකව රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්පව අඛණ්ඩව සම්මාන පිරිනැමෙන උළෙල අතර පිළිවෙලින්, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල, ස්වර්ණ පුස්තක හා රජත පුස්තක සම්මාන උළෙල ප්‍රමුඛ වේ.

එහෙත් මේ එකදු සම්මාන උත්සවයක් හෝ රාජ්‍ය සාහිත්‍ය උළෙල හා සසැඳීම කළ නොහැක්කේ තෝරාගත් ක්ෂේත්‍ර හා පිරිනැමෙන සම්මාන සංඛ්‍යාව අතර විශාල පරතරයක් වන බැවිනි. වැදගත්ම කරුණ වන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය යනු රජයේ අනුග්‍රහයෙන්, රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උළෙල සම්මානයක් වීමයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල වසරින් වසර සම්මානලාභීන්ට පිරිනැමෙන මූල්‍යමය සම්මානයේ වටිනාකම ද ඉහළ නංවමින්, නව ක්ෂේත්‍ර සඳහා සම්මාන පිරිනැමීම හඳුන්වා දෙමින්, සම්මාන විනිශ්චයේ පාරදෘශ්‍යභාවය රැකගනිමින් පවත්වන්නේ එහි අතීත අභිමානය ද සිහිගන්වමිනි.

සම්මාන ඉසව්[2][3]

හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතා සම්මානය ලැබූ කෘතීන්[4]


වර්ෂය කෘතිය කතෘ ISBN-10 අංකය ISBN-13 අංකය ප්‍රකාශනය මාගේ විචාරය Goodreads පිටුව
1959 ගිනි සිසිල පි.නිශ්ශංක - - - - -
1960 මළගිය ඇත්තෝ එදිරිවීර සරච්චන්ද්‍ර‍ 9552021588 9789552021589 ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සබැඳිය සබැඳිය
1961 පෙත්සම ලීල් ගුණසේකර - - - - -
1962 ගොළු හදවත කරුණාසේන ජයලත් - - - - -
1963 චරිත තුනක් කේ.ජයතිලක 9555540179 9799555540598 ප්‍රදීප ප්‍රකාශකයෝ - -
1964 හෙවනැලි ඇද මිනිස්සු සුනන්ද මහේන්ද්‍ර - - - - -
1965 බව දුක කාශ්‍යප පෙරේරා - - - - -
1966 පිතා මහ කේ.ජයතිලක 9555540020 9789555540025 ප්‍රදීප ප්‍රකාශකයෝ - -
1966 ගැහුණු ළමයි කරුණාසේන ජයලත් - - - - -
1967 වර දත්ත ජී.බී.සේනානායක - - - - -
1968 - - - - - - -
1969 පස් අවුරුද්ද ඔරුවල බන්දු - - - - -
1970 ඉක්බිති සියල්ලෝම සතුටින් ජිවත් වුහ සුගතපාල ද සිල්වා 9555730008 9789555730008 සරසවි ප්‍රකාශකයෝ - -
1970 නටබුන් මත හැදු ගෙයක් කේ.ජි.ප්‍රේමරත්න - - - - -
1971 අස්වැන්න ජයසේන ජයකොඩි - - දයාවංශ ජයකොඩි සහ සමාගම - -
1971 ගේ කුරුල්ලෝ ආර්.ආර්.සමරකෝන් - - - - -
1972 පුංචිරාළ කේ.ජයතිලක 9555540241 9789555540247 ප්‍රදීප ප්‍රකාශකයෝ - -
1972 මවකගේ ගීතය සෝමවීර සේනානායක - - - - -
1973 රිදී නිම්නය කරුණාසේන ජයලත් - - - - -
1974 අවර ගිර ජි.බි.සේනානායක - - - - -
1975 මතු සම්බන්ධයි කේ.ජයතිලක 955554042X 9789555540421 ප්‍රදීප ප්‍රකාශකයෝ - -
1976 කැකෑරිල්ල ජි.බි.සේනානායක - - - - -
1977 පර සතුරෝ ජයසේන ජයකොඩි - - දයාවංශ ජයකොඩි සහ සමාගම - -
1978 යශෝරාවය සෝමවීර සේනානායක - - - - -
1979 හේ සිද්ධාර්ථ නම් වෙයි කෝ.ආනන්ද හිමි - - - - -
1979 සෙබළ කුමරිය මහානාම දිසානායක - - - - -
1980 රාජපක්ෂ වලව්ව කේ.ජයතිලක 9555540055 9789555540056 ප්‍රදීප ප්‍රකාශකයෝ සබැඳිය සබැඳිය
1981 - - - - - - -
1982 දළ රළ පෙළ සුමිත්‍රා රාහුබද්ධ 95595352042 97895595352049 සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශන - -
1982 පාළම යට කුලසේන ෆොන්සේකා - - - - -
1982 පමා නොවී එමි අකුරට මිණිවන් පි.තිලකරත්න 9552020891 9789552020896 ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සබැඳිය සබැඳිය
1983 මැණික් නදිය ගලා බසී සෝමවීර සේනානායක - - - - -
1984 කුමාරිහාමි ජයකොඩි සෙනෙවිරත්න - - - - -
1984 මිහි සරණ ඇරැව්වල නන්දිමිත්‍ර - - - - -
1985 කතිරිනාගේ සනුහරේ ගුණසිංහ හෙට්ටිආරච්චි - - - - -
1986 - - - - - - -
1987 සුදු සෙවනැලි පියදාස වැලිකන්නගේ - - - - -
1987 සුජාත පුත්‍ර‍යින්ගේ කතා වස්තුව අනුලා විජේරත්න මැණිකේ - - - - -
1988 රයිගම් පුත්තු ජයසේන ජයකොඩි - - දයාවංශ ජයකොඩි සහ සමාගම - -
1989 විලාසිනියකගේ ප්‍රේමය එදිරිවීර සරච්චන්ද්‍ර‍ - - - - -
1990 පැලෑනෙන් වෙන් කළ ඉඩම් විරපොකුනේ උපරතන හිමි - - - - -
1991 පරාභවය එච්.ඒ.සෙනෙවිරත්න - - - - -
1992 ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි එන්.ටි. කරුණාතිලක - - - - -
1992 ගිනි ඇරැව්වල නන්දිමිත්‍ර - - - - -
1993 ජීවක කුලයක් විරපොකුනේ උපරතන හිමි - - - - -
1995 රෝගීන් මැද නිරෝගීව රත්නායක තිලකරත්න - - - - -
1996 කන්දක් ගිනි ඇවිලෙන්නේ ලාංගනී ප්‍ර‍නාන්දු අබේදීර - - - - -
1996 මතක වස්ත්‍ර ඤාණවිපුල මුණසිංහ - - - - -
1997 තිදස සේපාලි මායාදුන්නේ - - - - -
1998 සංසාරාරණ්‍ය අසබඩ සයිමන් නවගත්තේගම - - - සබැඳිය සබැඳිය
1999 - - - - - - -
2000 කටු ඉඹුල සරත් ධර්මසිරි - - - සබැඳිය සබැඳිය
2000 රිදී තිරන්ගනාවී සුනේත්‍රා රාජකරුණානායක - - - - -
2001 නිරුවත් දෙවිවරු සුනන්ද මහේන්ද්‍ර‍ - - - - -
2002 විතන්ඩ සමය එරික් ඉලයප්පආරච්චි - - - - -
2003 සදත් විල මහා සුභද්‍රාවෝ සේන තෝරදෙණිය - - - - -
2004 - - - - - - -
2005 කෙලෙස් පර්වත සමරවීර විජයසිංහ - - - - -
2006 ප්‍ර‍භානි බටුවන්ගල රාහුල හිමි - - - - -
2007 කලකිනි ගනඳුරු වියැකී යන්නේ සෝමසිරි ලියනගේ - - - - -
2008 අටවක පුත්තු ලියනගේ අමරකීර්ති - - - - -
2009 පොදු පුරුෂයා සුනේත්‍රා රාජකරුණානායක - - - - -
2010 කන්දක් සේ මා සුමිත්‍රා රාහුබද්ධ - - - - -
2011 කවි කඳුර සුනේත්‍රා රාජකරුණානායක - - - - -
චුම්බන කන්ද ජයතිලක කම්මැල්ලවිර - - - - -
2012 නයි ගලින් උපන් පුත්‍ර‍යෝ බටුවන්ගල රාහුල හිමි - - - - -
2013 සෙංකොට්ටං මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - - - - -
2014 කාල නදිය ගලා බසී නෝබට් අයගමගේ - - - - -
2015 බණ්ඩාර මැරූ උන් සේන තෝරදෙණිය - - - - -
2016 දූල්වල අලංකාරේ සුමුදු නිරාගි සෙනෙවිරත්න - - - - -
2017 ගරුඩ මුහුර්තය කීර්ති වැලිසරගේ - - - - -
2018 යකඩ සිල්පර විමල් උදය හපුගොඩආරච්චි - - - - -
2019 මකරානන්දය විරාජිනී තෙන්නකෝන් - - - - -
2020 - - - - - - -

මුලාශ්‍ර

  1. බුද්ධදාස ගලප්පත්ති - රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ සිට රජත පුස්තකය දක්වා (දිනමිණ, සැප්තැම්බර් 11, 2018)
  2. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය (රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, නොවැම්බර් 13, 2009)
  3. නිපුණු විජේසිංහ - 2009 සිට 2017 රාජ්‍ය සම්මාන හා ස්වර්ණ පුස්ථක සම්මන සඳහා නිර්දේශ වූ මෙන්ම ජයගත් කෘතීන් (Facebook, by Dileepa Wattegama, අගෝස්තු 14, 2017)
  4. පැතුම් සමීර - *රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නවකතා* (Facebook "පොත් කියවන අය | Srilankan Book Readers", අගෝස්තු 26, 2020)
  5. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් (දිනමිණ, සැප්තැම්බර් 14, 2019)
  6. 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ පොත් මෙන්න (ගොසිප් ලංකා නිවුස්, සැප්තැම්බර් 12, 2018)
  7. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම සිංහල නවකතාව (දිනමිණ, සැප්තැම්බර් 11, 2017)
  8. 2016 රාජ්‍ය සාහිත්‍ය ප්‍රතිඵල ලේඛනය (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව)
  9. 2015 රාජ්‍ය සාහිත්‍ය ප්‍රතිඵල ලේඛනය (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව)
  10. 2014 රාජ්‍ය සාහිත්‍ය ප්‍රතිඵල ලේඛනය (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව)
  11. 2013 රාජ්‍ය සාහිත්‍ය ප්‍රතිඵල ලේඛනය (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව)